ඇය බූන්දි උරයෙන් බූන්දි රැල්ලක් ගෙන එය කැබැලි වලට කඩ කඩා ඔටුන්නාට දමා ගැසුවා ය. ඌ මරුවිකාරයෙන් මෙන් දඟලමින් නන්නත්තරේ දුවමින් ඒවා වැටුණු තැන් හොය හොයා කළාලෙටත් පොලොවටත් කොටන්නට විය.
ඔටුන්නා ගැන මට කියා දුන්නේ ඇය ම ය. අප ගැටවර අවධියේ දී ය.
මුහුණත් කරමලත් මතු නොව හිස ලූ ඔටුන්නත් දිදුළන රතුපාටිනි. ඇස කළු ය. හොට කහපාට ය.
‘’මට හිතෙන්නම නෑ බුලටා මල්ලි මේ පුතණ්ඩියට ඔටුන්නා කියන්න.’’ ඇය කීවා ය.
‘’ඇයි? ඌ ලස්සන සතෙක්නෙ.’’ මම කීවෙමි.
"හ්ම්... ලස්සනයි නම් තමයි. ඒත් ඔටුන්නා කිව්ව හැටියෙම මූ මුදුනා වෙන්න හදනවා. ගනන් ගන්නැතුව ඉන්න බව අඟවලා මඩවලා තමයි අතට ගන්න ඕනි. ‘’ ඇය කීවේ අති පණ්ඩිත කතා ය. ඇගේ වයසේ කිසිවකුත් කියාවි යැයි හිතා ගන්න බැරි අමුතු වදන් ගබඩාවක් ඇය සන්තකයේ තිබිණ. ඇය වචන ද වැකි ද මුදා හැරියේ ඒවා ස්ථිර ලෙස ම පණ්ඩිත ගණයට වැටෙනවා යැයි නොදැන ය. එහෙව් දොඩමළු කිකිළී කතා කිරීම අත්හැර දැම්මේ ඇයිදැයි යන්න තවමත් නො විසඳුණු ගැටළුවකි.
| Author | Manjula Wediwardena |
| Language | Sinhala |
| pages | 208 |
| ISBN | 9786245546534 |
There are no reviews yet