“වැස්ස තුරල් විය. අත පය හිරි හැර අවදි වීමි. ඇඳෙන් බැස ජනෙල් පියන් හැර දැමීමි. පහළ පාරේ දිය කඩිති මග හරිමින්. වැහි පොද මැදින් ඇය පියවර මනින්නීය.
අවධි විය යුතු බැවින් අවධි වීමි. ඇඳෙන් බැස ජනෙල් පියන් හැර දැමීමි. ළා හිරු රැසින් ගෙමිදුලත් පහළ පාරත් නැහැවෙමින් තිබෙනා ́යුරු දකිමි.
දරුවා අතින් අල්ලා ගත් මව ඉක්මන් ගමනකය.
අහස ගුගුරන්නේ කල් මැන වහින්නටය .ඇඳෙන් බැස ජනෙල් පියන් හැර දැමීමි. ගෙමිදුල වල් වැවී ඇත. පහළ පාර ද අබලන්ය රූ සිරිය වැහැරුණ ඇගෙ ගමන තනියමය.
මම ජනෙල් පියන් වසා දැමීමි.
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| pages | 224 |
| ISBN | 9786246708283 |
There are no reviews yet