තුති මල් පිදේවා දිවියට,
මොන තරම් දේ දුන්නාද එය මට!
දුන්නා එය සිනාව,
දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව.
ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්!
මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින් තමයි,
ඔබේ ගීයත් එහෙමයි,
මොකද, ගී හැදෙන්නේ ඔහොමයි.
හැමදෙනාගේම ගීයත් ඒකයි,
ඉතින්, මගේ ගීයත් එයමයි.
| Language | Sinhala |
| Author | Sunil Wijesiriwardena |
| pages | 114 |
| ISBN | 978-624-5546-82-4 |
There are no reviews yet